ඊළාම් සිතියමක් විදුලි බුබුලුවලින් පෙන්නුම් කළ 05 දෙනා කොළඹට

යාපනයේ ආනේකෝට්ටේ කන්නගි අම්මාන් කෝවිලේ භාරකාර මණ්ඩලයේ පස් දෙනෙකුට වහාම කොළඹ පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස අද (12) යාපනය පොලීසිය විසින් දැණුම් දීමක් භාරදී තිබෙනවා.එම කෝවිලේ වාර්ෂික පෙරහැර පැවති ජූනි මාසයේදී ඊළාම් සිතියමක් විදුලි බුබුලුවලින් අලංකාර කොට පෙරහැරේ රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා කෝවිලේ භාරකාර මණ්ඩලයේ හා කෝවිලේ තරුණ සංගමයේ පස් දෙනෙකු නම් කොට ඔවුන්ට මේ මස 16 ත් 22 ත් අතර දිනයකදී පැමිණ කටඋත්තර ලබා දෙන ලෙස මෙම දැනුම් දීමෙන් නියෝග කොට ඇති බව සඳහන්ය.

The post ඊළාම් සිතියමක් විදුලි බුබුලුවලින් පෙන්නුම් කළ 05 දෙනා කොළඹට appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico