ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, දුම්රිය රියැදුරු සහායකයින් බඳවා ගැනීමේ පටිපාටිය සහ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනවලට පරිභාහිරව කටයුතු කිරීමට එරෙහිව තම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අද උදෑසන කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබු යාපනය, බදුල්ල, මඩකලපුව දුම්රිය අවලංගු කළ බව ය.

The post ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico