“ඉස්ලාම් අයට ඇති තරම් රටඉඳි දෙන්න…” – රනිල් ගෙන් නියෝගයක්

රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉදි තොග බෙදාහැරීමට කටයුතු කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලිම් සහ ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව අග්‍රමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
මෙවර මැදපෙරදිග රටඉදි අස්වැන්න අඩුවීම හේතුවෙන් නොමිලේ ලැබෙන රටඉදි තොඟ අඩුවීමක් සිදුව ඇති අතර මේ හේතුවෙන් ප්‍රමාණවත් පරිදි රටඉදි තොඟ මැදපෙරදිගින් ගෙන්වන ලෙස සතොස සභාපතිවරයාට සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.
එමෙන්ම රටඉදි තොඟ බෙදාහැරීම සඳහා මැදිහත් වන ලෙස සියලු පෞද්ගලික අංශ වෙත ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදුන් බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් භක්තිකයින්ගේ පරිභෝජනය සඳහා මුස්ලිම් සිද්ධස්ථාන හරහා රටඉදි බෙදාහරිනු ලබන අතර පසුගිය වසරේ සවුදි අරාබියෙන් නොමිලේ ලබාදුන් රටඉදි ටොන් 150ක් බෙදාහැරීමට කටයුකු කර ඇති අතර ඊට සමගාමීව සතොස මඟින් ද රටඉදි ටොන් 150ක් බෙදා හැර තිබේ.

The post “ඉස්ලාම් අයට ඇති තරම් රටඉඳි දෙන්න…” – රනිල් ගෙන් නියෝගයක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico