ඉන්ධන මිල යළි ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට  මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල  යළි ඉහළ දැමීමට රජය තීරණය කර  ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී  සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් වැඩිකර ඇති අතර  ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් වැඩි වී තිබේ. සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 8 කින් වැඩි කර තිබේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මීට පෙර පැවතියේ  රුපියල් 149 කට වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක්  රුපියල් 161 ට  අලෙවි කෙරිණි.සුපර් ඩීසල් ලීටරයක් මීට පෙරර අලෙවි වුයේ රුපියල් 133කටය .

The post ඉන්ධන මිල යළි ඉහළට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico