ඇමැතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රියංකරට එරෙහි චෝදනා යළි විමර්ශනයට

ඇමැතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රියංකරට එරෙහි චෝදනා යළි විමර්ශනයට

රාජ්‍ය මුදල්, වාහන හා ඉන්ධන අවභාවිතය පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට තිබූ විමර්ශන කටයුතු යළි ආරම්භ වී අැතැයි ආරංචි මාර්ග පවසයි.

එසේම ඔහු අමාත්‍යධුරය දරන කාලයේදී ඔහුට එරෙහිව තිබූ චෝදනාවන්ට අදාළව විමර්ශන කටයුතු අඩාළ වී තිබුණි.

පරීක්ෂණ යළි ආරම්භවීමත් සමග ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ඉහළ නිලධාරියෙකු මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා විමර්ශන ආරම්භ කර තිබුණි.

හිටපු රාජ්‍ය ඇමැතිවරයා පෞද්ගලික කටයුතු සදහා රජයේ මුදල් අවභාවිතය කිරීම පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පවත්වමින් ගිය පරීක්ෂණ කටයුතු නතර වී තිබූ අතර දැන් යළි එම කටයුතු ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ප්‍රියංකර ජයරත්න මහතා සිය අමාත්‍යධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

 

 

 

Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico