ඇමති රංගේ බණ්ඩාරගේ පුතා මිනීමැරුමකට අත්අඩංගුවට

ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙදි අද (24දා) න රාත්‍රියේ පුද්ගලයකු අනතුරට ලක් කර මරණයට පත් කිරිමේ චෝදනාවට යසෝධ රංගේ බංඩාර ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. යශෝධ රංගෙ බණ්ඩාර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතු වෙයි.
ඔවුන් පළුගස්හංදිය පොලිස් මාර්ග බාධකයේදි අත් අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන ආකාරයට මෙම අනතුර රාත්‍රි 7.30 ට පමණ සිදුව තිබේ. අනතුරින් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව නගරයේ වෙළද සැලක සේවකයකු ලෙස සේවය කරනු ලබන ධර්මපාල ප්‍රදේශයේම පදිංචි තෙනකොන් මුදියන්සේලාගේ ගාමිණි වන්නිනායක (42) නැමති අයෙකි.

The post ඇමති රංගේ බණ්ඩාරගේ පුතා මිනීමැරුමකට අත්අඩංගුවට appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico