ඇප කොන්දේසි සැපිරීමට නොහැකි වීමෙන් මහින්දානන්ද රිමාන්ඩ් #SriLanka #LKA

ඇප කොන්දේසි සැපිරීමට නොහැකි වීමෙන් මහින්දානන්ද රිමාන්ඩ්

 

ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සතොස හරහා ගෙන්වූ රුපියල් මිලියන 39ක වටිනාකමින් යුත් ක්‍රීඩා උපකරණ තොගයක් දේශපාලන කටයුතු සඳහා යොදවා ගත්තේය යන චෝදනාව සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් අත් අඩංගුවට ගැනුණු අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 35,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරිණි. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද අධිකරණයට භාර දීමට නියම විය.

මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය වෙනත් නඩුවක් සඳහා මහාධිකරණයට භාරදී ඇති බවට කරුණු ඉදිරිපත් කළ නමුත් එය ඔප්පු කිරීමට නොහැකි වූ නිසා ඔහුට අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු විය.

RN





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico