“ආදරණීය දෙමළ ජනතාවට සුභ “දෙමළ” අලුත් අවුරුද්දක් වේවා…” – බ්‍රිතාන්‍ය

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දෙමළ ජනතාව වෙනුවෙන් වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවේ උප සභාපතිනිය ජොආන් රයන් මහත්මිය බ්‍රිතාන්‍ය යේ වෙසෙන දෙමළ ජනතාවට අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුමක් එක් කර තිබේ.
බ්‍රිතාන්‍ය යේ දෙමළ ජනතාවට තම උණුසුම් සුබ පැතුම් එක් කරන ඇය ශ්‍රී ලංකාවේ යුක්තිය සහ සංහිඳියාව ගොඩනැගීමෙහිලා වත්මන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අර්ථවත් වර්ධනයක් සිදුකර නොමැති වීම ගැන සිය කනස්සල්ල පළකරන්නීය. වරදකරුවන්ට දඬුවම් නොලැබී සිටීමේ මුක්තියේ සංස්කෘතිය අවසන් කර අතීතය පිලිබඳ අවංක ගණන් බැලීමක් සිදුනොකළහොත් ස්ථාවර සාමයක අඩිතාලමක් දැමිය නොහැකි යයි ඇය පවසන්නීය.
ලංකාවේ ස්ථාවර සාමය ගොඩනැගීමෙහිලා දිගටම තම සහාය පළ කරන ඇය දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන්ද දිගටම පෙනී සිටින බවද කියා සිටී.
ඇයගේ නිවේදනයේ තිබෙන මූලික දුර්වලකම වන්නේ ලංකාවේ ‘අලුත් අවුරුද්ද‘ යනු දෙමළ ජනතාවගේ එකක් පමණක් ලෙස ඇය සලකා තිබීමයි. ඇය විසින් එය හඳුන්වන්නේ ද ‘දෙමළ අලුත් අවුරුද්ද‘ ලෙසය. ලංකාවේ අලුත් අවුරුද්ද වනාහී සිංහල සහ දෙමළ යන දෙපාර්ශවයම එකට එක් වී සමරන සංස්කෘතික උත්සවයක් වන බව ඇය අමතක කර තිබීම බරපතල වරදක් වන අතර දේශපාලකයන් ලෙස මෙවැනි උත්සව ජාතීන් අතර සංහිඳීයාව වර්ධනය කිරීමෙහිලා භාවිතා කළ යුතු බවට ඇය අමතක කර තිබීමෙන් සිදුකර ඇත්තේ ඇය සහාය දෙනවා යයි කියන ලංකාවේ ‘ස්ථාවර සාමයට‘ ඇය විසින්ම අකුල් හෙලීමක් බව සඳහන් කළ යුතුය. පුද්ගලිකව ඇය මෙවැන්නක් සිදුකෙළේ නම් ප්‍රශ්නයක් නොමැති නමුත් බ්‍රිතාන්‍යයේ දෙමළ ජනතාව වෙනුවෙන් වන සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවක උප සභාපතිනිය ලෙස මෙවැන්නක් නිකුත් කිරීම බ්‍රිතාන්‍යයේම වෙසෙන සිංහල ජනතාවගේ හිත් රිදවීමට කාරණයක් බවත් තව දුරටත් බෙදීම් වර්ධනය කරන්නක් බවත් ඇය නොදැන සිටීම කණගාටුදායක ය.

The post “ආදරණීය දෙමළ ජනතාවට සුභ “දෙමළ” අලුත් අවුරුද්දක් වේවා…” – බ්‍රිතාන්‍ය appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico