” ආණ්ඩුව.. ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්න දැන් එල්ලුම්ගහේ එල්ලිලා”-

මරණ දණ්ඩනය ලබා දීම ගැන සමාජයේ කතිකාවක් ඇති කිරීමෙන් රජය ජනතාවට ඇති අත්‍යාවශ්‍ය. විසඳුම් ලබා ගත යුතු ප්‍රශ්න අමතක කර දමා ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.උන්වහන්සේ ඊයේ(13) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.රටම බැඳුම්කර සිදුවී පිළිබඳව බලා සිටි බවත්, තමා ද පෞද්ගලිකව එම ගැටළුවට පිළියමක් බලාපොරොත්තු වූ බවත්, අද වන විට මරණ දණ්ඩනය පිළිබඳ කතා කිරීමෙන් ඒ සියල්ල අමතක වී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.එමෙන්ම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් ද සමාජයෙ නොයෙක් මත ඉදිරිපත් වූ නමුත් අද වන විට එයද අමතක වී ඇති බව පැවසූ ගුණංවශ හිමියන් උතුරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කරන අයට එරෙහිව ආණ්ඩුව ක්‍රියා නොකිරීම ගැන ද අදහස් පළ කර සිටියේය.කෙසේ වෙතත් අද වන විට දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සමහර පුද්ගලයින් වීරවරියන් ලෙස සලකන බවත්, ඒ තුළින් අනාගතයේ දී රජය දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ද පැවසීය.අද වන විට රටේ නීතිය බිඳවැටී ඇති පරිපාලනය බිඳ වැටී ඇති බවත් රජයේ අවධානය යේ සඳහා යොමු වී යැයි තමා විශ්වාස කරන බව ද උන් වහන්සේ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

The post ” ආණ්ඩුව.. ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්න දැන් එල්ලුම්ගහේ එල්ලිලා”- appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico