ආණ්ඩුවෙන් ඉවත් වූ 16න් 5ක් පොහොට්ටුවට

ආණ්ඩුවෙන් ඉවත් වූ 16න් 5ක් පොහොට්ටුවට

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් පස්දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

තමා ඇතුළු පස්දෙනා මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සමඟ සාකච්ඡා කරන බවද හිටපු අමාත්‍ය ටී.බී, ඒකනායක මහතා පැවසී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය තමන් අපේක්ෂා කරන ආකාරයෙන් සිදුනොවන බවත් එම නිසා ඒ ගැන 16 කණ්ඩායමද සිටින්නේ එතරම් ප්‍රසාදයකින් නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

මුලින්ම පස් දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් පසුව ඉදිරියේදී 16 කණ්ඩායමේ තවත් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico