අස්වනු සඳහා නිසි මිලක් නෑ – එළවළු ගොවීන් අසීරුතාවයට

එළවලු ගොවීන්ගේ අස්වනු සඳහා නිසි මිලක් නොමැතිකමින් ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න සඳහන් කර ඇත. ඔහු මෙලෙස සඳහන් කර ඇත්තේ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී එළවලු ගොවීන් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම නිසි මිලක් නොලැබීම හේතුවෙන් එළවළු ගොවීන් අස්වනු නෙළීමෙන් වැළකී සිටින බවත් ඔහු පෙන්වා දී ඇත.

දේශීය ගොවියා පිළිබඳ රට උණුසුම්ව පවතින මොහොතක ගොවියාගේ නිෂ්පාදන වලට සහතික මිලක් නොමැති වීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.
විශේෂයෙන් පහතරට එළවළු ගොවීන් මෙන්ම යාපනය අර්ධද්වීපයේ ගොවීන් ද, මෙම තත්ත්වයට මුහුණ දී ඇත.
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයේ  එළවලු  අති විශාල වශයෙන් ලැබෙමින් පවති අතර පහතරට එළවළු ගොවීන් තම නිෂ්පාදන වැඩි වශයෙන් ගෙනෙන  බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්ඳන් පවසයි.
පහතරට කලාපයේ ඇතැම් එළවළු  අස්වනු නෙලීම අතහැර දමා තිබෙන අතර ඇතැම් එළවළු කොටු වල අස්වැන්න නෙලීම සිදු නොකරන නිසා විනාශ වෙමින් පවතින බවද ගොවීහු පෙන්වා දෙති.

The post අස්වනු සඳහා නිසි මිලක් නෑ – එළවළු ගොවීන් අසීරුතාවයට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico