අලුගෝසු තනතුරු දෙකක් සදහා ඇබෑර්තු ඇත… කඹයත් ලෑස්තියි

මේ වන විට පුරප්පාඩු පවතින බන්ධනාගාර අළුගෝසු තනතුරු 02ක් සඳහා ලබන සතියේදී නැවත අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේතුව සඳහන් කරයි.

මෙම තනතුරට මීට පෙර බඳවාගත් දෙදෙනා හදිසියේම එම තනතුරුවලින් ඉවත්ව යෑම නිසා තනතුරු දෙකම පුරප්පාඩු වී තිබෙන බවද එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා කියා සිටී.

මේ සඳහා අවශ්‍ය කඹය හොඳ තත්ත්වයකින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

The post අලුගෝසු තනතුරු දෙකක් සදහා ඇබෑර්තු ඇත… කඹයත් ලෑස්තියි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico