අර්ජුන් වෙනුවෙන් මහින්ද පෙනී සිටී #SriLanka

අර්ජුන් වෙනුවෙන් මහින්ද පෙනී සිටී
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාල කෝප් වාර්තාව සම්බන්ධයෙන් සහ CSN නාලිකාවෙහි විකාශන බලපත්‍රය අහෝසි කිරීම සම්බන්ධයෙන් අද (25) දින පාර්ලිමේන්තුවේදී දිනේශ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වෙන බව ප්‍රසන්න රණතුංග මහතා විසින් මාධ්‍ය වෙත දැනුම් දී තිබුණු අතර මෙය ආරංචි වූ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පාර්ලිමේන්තුවට පැමිණෙන තෙක් මාධ්‍ය හමුව නොපවත්වන ලෙසයි. 
 
පසුව පස්වරු 2.00 ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ ඇති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් ද පුදුමයට පත් කරමින් පවසා ඇත්තේ කෝප් ප්‍රශ්නය විසඳා ගැනීමට ආණ්ඩුවට ඉඩ දෙන ලෙසත් ඒ පිළිබඳව කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන ලෙසත් ය. 
 
මේ අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා මෙන්ම මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිදුවීමෙන් අයුතු ලාභයක් උපයාගත් බවට කියවෙන Perpetual Treasuries සමාගමේ හිමිකරුද වන අර්ජුන් ඇලෝසියස් මහතා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සමීපතම මිතුරෙක් බවද කියවේ. 

Powered by WPeMatico