අයි.එස්.ලාට සැලකූ පොහොට්ටුවේ ව්‍යාපාරිකයා පාතලයට උදව් කළහැටි කියයි

අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය හා පාතාලයේ මාකඳුරේ මදුෂ් ඇතුලු පුද්ගලයින්  ඇසුරු කල වත්තල-මාබෝල ප්‍රදේශයේ මහින්ද රාජපක්ෂ පාර්ශ්‍යවය නියෝජනය කල කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය වෙත ලද තොරතුරක් මත පෙරේදා (15) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වත්තල- මාබෝල පදිංචි මෙහොමඩ් රිස්වාන් නැමැති අයෙකි. මොහු ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණේ වත්තල මාබෝල සංවිධායකයා බවද පැවසේ.
මොහු මිට වසර දහයකට පමණ පෙර ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස ජිවිකාව කරගෙන තිබු නමුත් මේ වන විට ඔහු සුඛෝපභෝගි මහල් තුනකින් සමන්විත නිවසක් හා එවැනිම තවත් නිවසක හිමිකරුවෙකු බවත් එම නිවාස වල බිරින්දෑවරුන් වෙසෙන බවත් ‍පොලීසිය පවසයි.
කාගෝ ආයතනයක් පවත්වාගෙන යන මොහු සහරාන් සමග දැඩිලෙස සම්බඳතා පැවැත්වු අයෙකු බවත් එවැනිම සබඳතාවක් පාතාලය හා පවත්වා ඇති බවත් පැවසේ. මොහු සන්තකයේ තිබි ජර්මනියේ නිෂ්පාදිත ගිනි අවියක් හා විදෙස් ගමන් බලපත්‍ර 02 ක්ද ‍පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 ශානිකා මාධවී පීරිස්

The post අයි.එස්.ලාට සැලකූ පොහොට්ටුවේ ව්‍යාපාරිකයා පාතලයට උදව් කළහැටි කියයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico