අමුතුම තාලේ සම්මුඛ පරීක්ෂණයක්… රැකියාවක් දීමට ‘එජාපය ගැන රචනාවක්’ ලියන්නැයි ලිඛිතව දන්වයි…

විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබා දීම සදහා අමුතු ආකාරයේ සුදුසුකම් පරීක්‍ෂාවක් ගැන ශ‍්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය හෙලි කරයි.

එහි විධායක කමිටු සාමාජික රජික කොඩිතුවක්කු මහතා පවසන්නේ ‘නුපුහුණු විදුලි කාර්මික’ තනතුර සදහා ඉදිරිපත් වන අයදුම්කරුවන් එක්සත් ජාතික පක්‍ෂය ගැන රචනාවක් ලිවිය යුතු යයි ලිඛිතව දන්වා ඇති බවයි.

අදාල මාතෘකා යටතේ රචනාවක් ලියා විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා නමට යොමු කල යුතුව ඇති බව අයදුම්කරුවන්ට දන්වා ඇතැයිද ඔහු පැවසීය.

ශ‍්‍රීලනිප මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවනදී ඔහු මෙම අදහස් පල කලේය.

The post අමුතුම තාලේ සම්මුඛ පරීක්ෂණයක්… රැකියාවක් දීමට ‘එජාපය ගැන රචනාවක්’ ලියන්නැයි ලිඛිතව දන්වයි… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico