“අපේ පිහිටෙන් උතුරට ගිහිං දැන් අපිටම බනිනවා”-හිටපු ජනපතිදුන්

සංහිඳියාව ඇති කිරීමේ පියවර තමයි අපි ගන්නේ. රට තුළ නිදහසේ ඕනෑම කෙනකුට යෑමට ඒමට ඇති අයිතිය එදා රණවිරුවෝ ලබා දුන්නා. ඒකෙන් තමයි අද කාටත් සංහිඳියාවක් ගැන කතා කරන්න පුළුවන් වුණේ. අද සමහරු උතුරට ගිහිල්ලා අපිට චෝදනා කරන කොට අපිට බනින කොට එලෙස උතුරට යන්න පුළුවන්කම ලැබුණේ ඒ අපි ලබා දුන්නා නිදහස හින්දයි කියලා ඔවුන් අමතක කරනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැවැසීය.ඒ මහතා පැවැසුවේ බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවෙනේ ඉදිකරන ලද මවුගුණ සෑය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත පැලඳවීමේ මහෝත්සවයට සහභාගි වෙමිනි.හිටපු ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.”පන්සල්වලට අද අලුතින් නීති දාලා තියෙනවා. අලුතින් පන්සලක් හදන්න බැහැ. දහම් පාසලක් හදන්න බැහැ හැම ආගමික නායකයකුගෙන් සැදුම්ලත් කොමිටියකින් අවසර ගන්න ඕන. ඒ වගේමයි අනෙක් ජාතීන්ටත්.මේක සංහිඳියාව ඇරැඹීමේ වැඩපිළිවෙළක්ද? එහෙම නැතිනම් ඒක විනාශ කිරීමේ වැඩපිළිවෙළක්ද? මෙවැනි දේවලින් නැති ප්‍රශ්නයක් ඇති කරනවා. ජාතීන් අතර භේදය, ආගම් භේදය ආපසු ඇති කිරීමේ වැඩපිළිවෙළක කුමන්ත්‍රණයක්ද යන්න අපිට සැකයක් තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාවට බලපානවා.ජීවන වියදම වැඩ කරන ගමන් මිනිස්සු එක්ක පළිගන්නවා වගේ වැඩ කරනවා. එක්කෝ ජනතාවගේ කිසිම විශ්වාසයක් ඔවුන් තුළ නැහැ. එහෙම නැතිනම් ජනතාව ගණන් ගන්නේ නැහැ. ජනතාවගේ සිතුම් පැතුම් ගැන ඔවුන් හිතන්නේ නැහැ.දීපු සහන කපන යුගයක් බවට අද පත්වෙමින් පවතිනවා. ජීවත් වෙන්න බැරි යුගයක් තමයි අපිට උදාවෙලා තියෙන්නේ.

The post “අපේ පිහිටෙන් උතුරට ගිහිං දැන් අපිටම බනිනවා”-හිටපු ජනපතිදුන් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico