අපේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී – ශ්‍රිලනිපයේ අපේක්ෂාව එයයි – දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස 2020 ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව එය බවයි දිසානායක මහතා සඳහන් කරන්ෙනේ.

යම්කිසි අයුරකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් තමන් වළකින බවට ජනාධිපතිවරයාම ප්‍රකාශ කළහොත් පසුව වෙනත් අපේක්ෂකයෙක් පිළිබඳ සිතන බවත්  ඒ අනුව පක්ෂයේ අරමුණ වන්නේ එම ඉදිරිපත්කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම බවද දුමින්ද දිසානායක මහතා පවසයි.

මේ අතරතුර ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම් පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගෙන ඇති බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් පොදු ජන පෙරමුණෙන් සිදුව නොමැත. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවත්නා ඝට්ටනයද තවදුරටත් පෙනෙන්නට තිබේ.

The post අපේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී – ශ්‍රිලනිපයේ අපේක්ෂාව එයයි – දුමින්ද දිසානායක appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico