“අපේ ඉලක්කය මීට අවුරුදු 1000කට පෙර සිටි තැනට යෑමයි” – ජනපති

බටහිට රවටල්වලට ඇති ඉලක්කය මෙතෙක් නොතිබූ අලුත් තැනකට යෑම වුවත් ශ්‍රී ලංකාවට තිබෙන ඉලක්ක වන්නේ මීට අවුරුදු 1000කට පෙර සිටි තැනට යෑම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොඹදී ඊයේ (09දා) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.

“අපිට ජාතියක් විදියට මුහුණදීමට තිබෙන්නේ ලෝකයේ ඇතැම් අධිතාක්ෂණයෙන් දියුණු රටවල් මුහුණදෙන ඉලක්කයට වඩා වෙනස් දෙයකට. බටහිර රටවලට ඇමෙරිකාව හා යුරෝපයේ රටවලට තිබෙනනේ මෙතෙක් ඉතිහාසයේ ගොඩනැගී නොතිබූ අලුත් තැනකට යෑමයි.

අපිට තිබෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපිට තිබෙන්නේ අලුත් තැනකට යෑම පිළිබඳව ඉලක්කය නොවේ. අපට තිබෙන්නේ මීට අවුරුදු දාහකට එහා අපි හිටපු තැනට යන්නේ කොහොමද කියන කාරණාවයි.

මීට අවුරුදු දාහකට එහා ගත්විට අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ අපි සිටින තැන එදා බටහිර රටවල් සිටියාද? ඇමෙරිකාව සිටියද ඒ තැන. එදා ඒවා මහා වනාන්තර. සත්‍යය එයයි.” යැයි පැවසීය.

The post “අපේ ඉලක්කය මීට අවුරුදු 1000කට පෙර සිටි තැනට යෑමයි” – ජනපති appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico