අපේක්ෂකයා සිරිසේන නම් පොහොට්ටුවේ සහය නෑ ! පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කරයි.

එලැඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති සිරිසේන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවත් ඔහුට සහය නොදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කර ඇත. පසුගියදා රැස්ව ඇති එම සංසදය මේ තීන්දුව ගෙන තිබෙන්නේ පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් සිදුකර ඇති යෝජනාවකට අනූවය.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සහය දෙන ජනාධිපති අපේක්ෂකයා එම පක්ෂයේම වියයුතු බවත් එසේ නොවන අපේක්ෂකයකුට පළාත් සභා මන්ත්‍රී සංසදය සහය නොදැක්විය යුතු බවත් දක්වමින් මන්ත්‍රීවරයා යෝජනාව සිදුකර ඇත.

එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති අතර මැතිවරණයක් සදහා ඉදිරිපත් වෙනවා නම් ඒ සදහා පොහොට්ටුව ලකුණ යටතේ පමණක් තරග කිරීමේ
යෝජනාවක් ද එහිදී සම්මත කරගෙන තිබේ.

The post අපේක්ෂකයා සිරිසේන නම් පොහොට්ටුවේ සහය නෑ ! පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කරයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico