අපිම අපේ වැරදි පෙන්වා දෙනවා, ඉතිං හොඳ නැද්ද – අජිත් මාන්නප්පෙරුම #SriLanka #LKA

අපිම අපේ වැරදි පෙන්වා දෙනවා, ඉතිං හොඳ නැද්ද - අජිත් මාන්නප්පෙරුම
එදා තමන්ගේ ගෝල බාලයින් යොදා ගනිමින් කෝප් කමිටුව මගින් සියල්ල යට ගැසූ බවත් අද වත්මන් රජය , රාජ්‍යයේම අඩුපාඩු පේනවා දෙන තරමට විනිවිද වී සිටින නිසා මේ ආකාරයෙන් සියල්ලන්ගෙන්ම දෝෂාරෝපණයට ලක් වන බවද ඔහු ප්‍රකාශ කරයි.  ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමිනි.
 
කෝප් කමිටුවේ නීති අංශයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරන මාන්නප්පෙරුම මහතා තව දුරටත් පවසන්නේ  එජාපය කවදත් හොරකම් වසා ගන්නට උත්සහ නොකරන බවත් අද දවසේදී වුවත් වත්මන් රජය තමන්ගේ වැරදි ,හොරකම් තමන් විසින්ම අල්ලමින් හොරකම් සංස්කෘතිය වෙනස් කරන්න මාර්ගයක් සකස් කර ඇති බවත්ය.
 
එමෙන්ම ජේසුස් වහන්සේ වටාත් පාවා දෙන්නනම් සිටි බව පේනවා දෙන අජිත් මාන්නප්පෙරුම මහතා එජාපය  විසින් නිවැරදි පාලනයකට අවශ්‍ය යාන්ත්‍රණයක් මේ වන විට සකස් කර තිබෙන බව ද සදහන් කරන්නේ ඒ තුලින් රට නිවැරදි පාලනයකට අවතීර්ණ වෙමින් සිටින බව පෙන්වා දෙමිනි.
 
අශන්ති වරුණසුරිය





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico