අනතුරට පත් විදේශීය රුවල් නෞකාවක් ගාල්ල වරායට (PHOTOS)

අනතුරට පත් විදේශීය රුවල් නෞකාවක් ගාල්ල වරායට (PHOTOS)

ත්‍රිකුණාමලයේ සිට අයිස්ලන්තය බලා ගමන් කරමින් තිබූ ප්‍රංශයට අයත් රුවල් නෞකාවක් මහ මුහුද මැද විපතට පත්ව තිබියදී එම නාවිකයන් සහ නෞකාව ආරක්ෂිතව බේරා ගෙන යළි ගාලු වරාය වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසීය .
 
සැන්ඩිටී නැමති මෙම රුවල් නෞකාව ගාල්ල ප්‍රදීපාගාරයට නාවුක සැතපුම් 72 ක් දුරින් ගමන් කරද්දී එහි එන්ජිමේ හටගත් කාර්මික දෝෂයක් නිසා මෙසේ විපතට පත් වී තිබිණි.

ප්‍රංශ ජාතික නාවිකයන් සිව් දෙනෙකු සිට ඇති අතර , මෙම පුවත සැලවීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකාවක් වන සයුර, නෞකාව එම ස්ථානයට ගොස්  එම නාවිකයන් සහ රුවල් නැව ආරක්ෂිතව බේරා ගෙන ගාල්ල වරාය සමීපයේ පිහිටි මෙම නෞකාවට සේවා සපයන පෞද්ගලික නාවික ආයතනයක් වෙත බාර දීමට පියවර ගෙන තිබේ.
 
මෙම රුවල් නෞකා ගැඹුරු මුහුදේ රුවල් මගින් යාත්‍රා කළ ද  යම් රටක වරාය හෝ ආරක්ෂිත මුහුදු කලාප තුළදී  එම නෞකාවට සහ එම වරාය වලට සිදු විය හැකි හානි වලින් ආරක්ෂා කර ගැනීම සඳහා එන්ජින් මගින් ක්‍රියාකරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico