අද හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනාම පූනානි නිරෝධායන කඳවුරෙන්

අද හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනාම පූනානි නිරෝධායන කඳවුරෙන්

තවත් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගියේය.

මෙම කොරෝනා ආසාදිතයින් සිව්දෙනාම බේරුවල ප්‍රදේශයෙන් පූනානි නිරෝධායන කඳවුරට යැවු පිරිසට අයත් වුවන් බව වාර්තා වෙයි.

පූනානි නිරෝධායන කඳවුරේ නිරෝධායනය වන 208 දෙනෙකුගේ සාම්පල ලබා ගෙන ඇති බවත් එක් ස්ථානයකින් මෙතෙක් ලබාගත් වැඩිම සාම්පල ප්‍රමාණය එය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico