අද දුවන දුම්රිය 8ත් හෙට දුවන්න දෙන්නෙ නැහැ – ඉන්දික දොඩංගොඩ

අද(10) දිනයේ දී ධාවනයට එක් කරන ලද දුම්රිය සේවාවන් හෙට(11) දිනයේ දී අවලංගු කරන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම්, ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දික දොඩංගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ, දුම්රිය වර්ජනයට මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ විසඳුමක් නොලැබීම හේතුවෙන් අඛණ්ඩව වර්ජනය සිදු කරන බවයි. එමෙන්ම අද දිනයේ දී ධාවනයට එක් වු දුම්රිය වාර 8 ද හෙට දිනයේ දී නවතා දමන බව ද ඔහු පැවසීය.

මේ වනවිට දුම්රිය කීපයක් කොළඹ කොටුවට පැමිණෙමින් තිබෙන බවත් අද සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා අද උදෑසන පැවසීය.

The post අද දුවන දුම්රිය 8ත් හෙට දුවන්න දෙන්නෙ නැහැ – ඉන්දික දොඩංගොඩ appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico