අතිරේක ලැයිස්තුවෙන් සභිකයන් තෝරා ගැනීම ගැටලුකාරී වෙයි #SriLanka #LKA

අතිරේක ලැයිස්තුවෙන් සභිකයන් තෝරා ගැනීම ගැටලුකාරී වෙයි

ගාල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ස්වාධීන කණ්ඩායම් සියල්ලම පාහේ මෙම අර්බුදයට මුහුණ පා තිබේ. පරාජයට පත්වූ බොහෝ අපේක්ෂකයන් ලැයිස්තුවෙන් පත්කරන ලෙස ඉල්ලා සිටින අතර ලැයිස්තුවට නම් කරන ලද අයද මන්ත‍්‍රී ධුර ඉල්ලා සිටීම නිසා මෙම අර්බුදකාරී තත්ත්වය මතු වී තිබේ.

මේ අතර තමන් ලබා ගත් වැඩි ඡන්ද ප‍්‍රමාණය සලකා මන්ත‍්‍රී ධුර ලබාදෙන ලෙස ඇතැම් පිරිසක් ඉල්ලා සිටින අතර ප‍්‍රතිශතය ගණනය කොට ලබා දෙන ලෙසද තවත් පිරිසක් ඉල්ලා සිටිති. ඔවුන් පවසන්නේ පරාජයට පත්කොට ජනතාව ප‍්‍රතික්ෂේප කරන ලද පිරිස නැවත පත් නොකරන ලෙසත්, නම් කරන ලද ලැයිස්තුවල සිටි පිරිසට එම අවස්ථාව ලබා දෙන ලෙසයි.

කොට්ඨාසවලින් ඡන්දය ඉල්ලූ අය තම ජයග‍්‍රහණය සඳහා ඡන්ද ප‍්‍රමාණය වැඩිකර ගත් බවත් තම පිරිස කටයුතු කළේ පක්ෂය ජයග‍්‍රහණය වෙනුවෙන් නිසා එම මන්ත‍්‍රී ධුර ලැයිස්තුවේ සිටි පිරිසට ලබාදෙන ලෙසද ලැයිස්තුවලට නම්කරන ලද අපේක්ෂකයෝ ඉල්ලා සිටිති. මේ නිසා තමන් දැඩි අපහසුතාවයට පත්වී සිටින බවත් මේ සම්බන්ධයෙන් තීරණ ගැනීම පක්ෂයට පවරන බවත් ඇතැම් සංවිධායකයෝ අප කළ විමසීමේ දී ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත්ව සිටින අපේක්ෂකයින් සමානුපාතික ලැයිස්තුවේන් මන්ත්‍රී ධුරවලට පත්කළ හැකි බවයි. එහෙත් තරඟ කරන ලැයිස්තුවේ හෝ සමානුපාතික ලැයිස්තුවේ හෝ නම් නොමැති බාහිර අපේක්ෂයකුට මන්ත්‍රී ධුරයකට පත්විය නොහැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජයකාන්ත ලියනගේ – බලපිටිය





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico