අත්අඩංගුවට ගත් අනුරුද්ධ පොල්ගම්පොල 18 දක්වා රිමාන්ඩ්

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා මේ මස 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළේය.මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට ඉදිරිපත් නොවීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත ඔහු ඊයේ (15) අත්අඩංගුවට ගත් ඔහු අද(16) අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී එම තනතුරෙන් ඉවත්  කළ අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

The post අත්අඩංගුවට ගත් අනුරුද්ධ පොල්ගම්පොල 18 දක්වා රිමාන්ඩ් appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico