”අගමැතිකම මට ඕන ..දැන් ඉතින් ජනාධිපතිකම තියලා ගෙදර යන්න”-රනිල්

ඊයේ (13) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම එක හඬින් කියා ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් 30% ක් ලබාගත් රනිල් අස්විය යුතු යැයි කියනවා නම් ඊට පෙර, 15% ක් ගත් ජනාධිපතිවරයා ද ඉල්ලා අස්විය යුතු බව ය.
තවද ජනාධිපතිවරයාගේ පූර්ව මැතිවරණ හැසිරීම ද එ.ජා.ප. පා. කණ්ඩායම විසින් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ. “අපි මේව ඉවසගෙන හිටියා මිස ජාතික ආණ්ඩුවේ සමගිය වෙනුවෙන් අපි ඒවාට පිළිතුරු දෙන්න ගියෙ නෑ. නමුත් තවදුරටත් ඉවසිය මේ තත්වය ඉවසිය යුතු නැහැ.” යැයි එහිදී ඔවුන් පවසා තිබේ. එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණු කාරණයක් වූයේ පළාත් පාලන මැතිවරණයට පෙර අවසාන සුමාන දෙකේදී ජනාධිපතිවරයාගේ හැසිරීම ඔහුගේ තනතුරට සහ ගරුත්වයට තරම් නොවන බවයි.

The post ”අගමැතිකම මට ඕන ..දැන් ඉතින් ජනාධිපතිකම තියලා ගෙදර යන්න”-රනිල් appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico