අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතී විරෝධී බව මීට සුළු මොහොතකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් සනාථ කරනු ලැබීය.

ඒ අනුව ඉදිරි තරග ඔහුට අහිමි වනු ඇත. නමුත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමෙන් අනතුරුව නැවත පරීක්ෂණයකට සහභාගී වීමෙන් නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට ඔහුට සිදු වී තිබේ..

ඉෂාන් ප්‍රබෝධ

The post අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක් appeared first on Colombo Today.





Source From colombotoday Sport
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico